පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් හෙට

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට..

by Staff writer 18-04-2021 | 12:31 PM

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් හෙට පැවැත්වේ.

පාර්ලිමේන්තු වේත්‍රාධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් , සවස 2.00 ට පාර්ලිමේන්තු සංකිර්ණයේ දී එම රැස්වීම පැවැත්වෙන බවයි. අනිද්දා සිට මේ මාසයේ අවසන් පාර්ලිමේන්තු සතියේදි ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සහ විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.