එදා පහර දුන්නේ ආගමික අන්තවාදය නෙමෙයි

එදා අපේ සොහොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදය අතකොලුවක් කර ගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක්.. - කාදිනල් හිමිපාණන්

by Staff writer 18-04-2021 | 10:42 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදි කෙරුණු ස්මාරකයට පූෂ්පෝපහාර දැක්වීමක් අද සිදුවිය.

ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාව සඳහා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගොස් බොරැල්ල කනත්තේ භූමදානය කළ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් පළ කළ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්..
"එදා මේ අපේ සොහොයුරන්ට පහර දුන්නෙ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කර ගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගන්නට ,වෙර දැරූ පිරිසක්.මේ සිදුවීම තුළ අපි දකින්නේ තමන්ගේ බලය තහවුරු කරන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සහයේ ප්‍රථිපලයක් හැටියටයි.අපි අපේ රටේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ආගමවත් ,භාෂාවවත් , ජාතියවත් ,තවත් කෙනෙකුට හිරිහැර කරන්නට පාවිච්චි කරන්නට එපා.ඒ වගේම කරුණාකරලා තමන්ගේ බලය ශක්තිය පෙන්නන්නට අනිත් මිනිස්සුන් මරණ මානසිකත්වයෙන් අපි මිදෙමු "  
https://youtu.be/A13SJK0AXtA