ලාංකික ධීවරයින් නිදහස් කිරීමේ තීරණයක්..

අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයින් නිදහස් කිරීමට මියන්මාරය තීරණය කරයි..

by Staff writer 18-04-2021 | 1:33 PM

COLOMBO (News 1st) : මියන්මාර අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි මියන්මාර රජය දැනුම් දී තිබේ.

ධීවර අමාත්‍යාංශයේ ධීවර මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ , මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම දැනුම් දීම කර ඇති බවය. ඊයේ දිනය, එනම් අප්‍රේල් 17 වැනිදා එරට පොදු සමා දිනය වේ. ඒ නිමිත්තෙන් අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් 12 දෙනා නිදහස් කරන්නැයි ලක් රජය මීට පෙර මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අදාළ ධීවරයින් නිදහස් කිරීම පිළිබඳව හෙට වනවිට නිශ්චිත තොරතුරක් ලැබෙනු ඇතැයි කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළා ය.