ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට..

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට..

by Staff writer 18-04-2021 | 12:54 PM

COLOMBO (News 1st) : ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (19) පෙරවරු 10.00 ට පැවැත්වේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ය. පළාත් සභා මැතිවරණය සහ ඡන්ද ක්‍රමය මෙන්ම මැයි දින සැමරුම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ද හෙට පස්වරු 6.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.