මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය මැයි මස මුලදී මෙරටට - සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 17-04-2021 | 1:01 PM

COLOMBO (News 1st) - මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය මැයි මස මුල් සතිය වනවිට මෙරටට හිමි වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය -
''අපි එන්නත් ඇනවුම් කරලා තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත දැන් ඇනවුම් කරලා තියෙන්නේ අපිට අප්‍රේල් අග, මැයි මුල වෙද්දි ලැබෙයි ඒ වගේම රුසියානු ස්පුට්නික් එන්නතත් ඇනවුම් කරලා තියෙනවා. ඒකත් ලැබෙනවා''
මාධ්‍යවේදී ප්‍රශ්නය -
එන්නත් ලැබෙන එක ප්‍රමාද වෙනවා නේද?
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය -
''ඔව් ප්‍රමාදයක් තියෙනවා ඉන්දියාවේ කොරෝනා රෝගීන් වැඩි වීමත් එක්ක. නමුත් අපි විකල්ප එන්නත් ගැන බලනවා''