දිවියෙන් සමුගත් කොලිවුඩ් විකට නළු විවේක්..

දිවියෙන් සමුගත් කොලිවුඩ් විකට නළු විවේක්..

by Chathurika Jayasundara 17-04-2021 | 7:05 PM

COLOMBO (News 1st) –  කොලිවුඩ් විකට නළුවෙකු වූ විවේක් ආනන්දන් හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 59 කි. නළුවෙකු, ගායකයෙකු වන විවේක්ගේ Sivaji, Run, Saamy හා Perazhagan යන චිත්‍රපටවලින් ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තේය. මේ අතර දමිළ නළු රජිනිකාන්ත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය මිතුරාගේ හදිසි අභාවයට ශෝකය පළ කර තිබේ. ඔහු 2007දී තිරගත වූ Sivaji හා Uzhaippali චිත්‍රපටයන්හි විවේක් සමග එක්ව රඟපෑවේය. ''නළුවෙකුගේ යුතුකම රංගනයෙන් අවසන් නොවේ '' යැයි සඳහන් කරමින්, කමල් හසන් ද විවේක් ආනන්දන්ගේ හදිසි අභාවයට ශෝකය පළ කර තිබේ. දශක ගණනාවක් අපව විනෝදයට පත් කළ ඔබ අප හැර ගිය බවට විශ්වාස කළ නොහැකි බව පවසමින් ඔස්කාර් සම්මානලාභී සංගීත රචක ඒ.ආර්. රහ්මාන් ද සිය ශෝකය පළ කළේය.