by Staff writer 17-04-2021 | 3:08 PM
COLOMBO (News 1st) – චීවරධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සොයා පොලීසිය විසින් කහල්ල රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මීගලෑව ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි අදාල චීවරධාරියා විහාරාධිපතිතුමන් කළ ප්‍රශ්න කිරීමේන් අනතුරුව බිය වී කහල්ල රක්ෂිතට පළා ගොස් ඇති බවය.
මොහු යම් කිසි අපරාධයක් සිදු කිරීමේ අරමුණින් පැමිණ ඇතැයි සැක කරයි.
මෙම ව්‍යාජ චීවරධාරී පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071 859 12 87 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.