සමගි ජන බලවේගයෙන් ආණ්ඩුව ගැන නිවේදනයක්

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන වහා නවතනු, භාෂණයේ නිදහස සුරකිනු - සමගි ජන බලවේගය

by Staff writer 17-04-2021 | 8:55 PM

COLOMBO (News 1st) – "ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන වහා නවතනු, භාෂණයේ නිදහස සුරකිනු" යනුවෙන් සමගි ජන බලවේගය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට හා විජේදාස රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුම් ලැබීමේ සිද්ධිය, අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගැනීම වැනි සිද්ධීන් උපුටා දක්වමින් අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට පත් කළ පාර්ශ්වම සිදු කරන ප්‍රකාශ අනුව රටේ මානව හිමිකම් පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වෙනුවෙන් පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.