අවුරුදු ක්‍රියාකාරකම්වලට අනුමැතිය අවශ්‍යයි

අවුරුදු ක්‍රියාකාරකම් පොලීසියේ හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව පවත්වන්න බැහැ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Hashini De Mel 17-04-2021 | 7:32 AM

COLOMBO (News 1st) - කිසිම ආකාරයක අවුරුදු ක්‍රියාකාරකමක් පොලීසියේ හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව පැවැත්වීමට හැකියාවක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, එසේ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී ක්‍රියාවක් වන බවය. අවුරුදු ක්‍රීඩාවකට හෝටල් හෝ අවන්හල් ලබා දෙනවා නම් ඒ සෑම අවස්ථාවකම සෞඛ්‍ය සිරිත් උපරිම ලෙස ආරක්ෂා කළ යුතු අතර නිසි පරිදි අවසර ලබාගත යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, එසේ නොවුණහොත් අදාළ හෝටල් හිමියන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/04/04-17-AJITH-ROHANA-online-audio-converter.com_.mp3"][/audio]