මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය මැයි මස මුලදී මෙරටට – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය මැයි මස මුලදී මෙරටට – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

කර්තෘ Staff writer

17 Apr, 2021 | 1:01 pm

COLOMBO (News 1st) – මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය මැයි මස මුල් සතිය වනවිට මෙරටට හිමි වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය –

”අපි එන්නත් ඇනවුම් කරලා තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත දැන් ඇනවුම් කරලා තියෙන්නේ අපිට අප්‍රේල් අග, මැයි මුල වෙද්දි ලැබෙයි ඒ වගේම රුසියානු ස්පුට්නික් එන්නතත් ඇනවුම් කරලා තියෙනවා. ඒකත් ලැබෙනවා”

මාධ්‍යවේදී ප්‍රශ්නය –

එන්නත් ලැබෙන එක ප්‍රමාද වෙනවා නේද?

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය –

”ඔව් ප්‍රමාදයක් තියෙනවා ඉන්දියාවේ කොරෝනා රෝගීන් වැඩි වීමත් එක්ක. නමුත් අපි විකල්ප එන්නත් ගැන බලනවා”

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]