by Staff writer 16-04-2021 | 3:15 PM
COLOMBO (News 1st) : විල්ගමුව, හීන්ගඟේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසු වූ තරුණයින් 13 දෙනෙකු පැය 7 ක මෙහෙයුමකින් පසු බේරා ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා සඳහන් කළේ, දිය නාමින් සිටියදී ගඟේ ජල මට්ටම වැඩි වීම නිසා ඔවුන් ගඟ මධ්‍යයේ ඇති ගල් තලාවකට ගොස් ඇති බවයි.
පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකයේ ජීවිත ආරක්ෂක නිලධාරීන් යොදවා එම පිරිස බේරාගෙන තිබේ.
ඊයේ පස්වරුවේ ආරම්භ කළ මෙහෙයුම අවසන් වී ඇත්තේ , මධ්‍යම රාත්‍රී 12.30 ටයි.
අනතුරට මුහුණ පා ඇත්තේ මීගමුව ප්‍රදේශයේ තරුණයින් පිරිසකි.