by Staff writer 16-04-2021 | 4:46 PM
COLOMBO (News 1st) : හල්දුම්මුල්ල, කළුපහණ ප්‍රදේශයේ වේලි ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි පියා සහ පුතුගේ සිරුරු සොයාගෙන තිබේ.
මහරගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිවු දෙනෙකු ඊයේ නිවාඩුවක් ගත කිරීම සදහා බදුල්ලට පැමිණි අවස්තාවේදී වේලිඔයේ දියනෑමට ගොස් මෙම අනතුරට ලක්විය.
මව අසල කඩේකට ගොස් ඇති අතර අනෙක් තිදෙනා දියට බැස ඇති බව අප වාර්තාකරු පැවසී ය.
නමුත් අවාසන්වන්ත ලෙස පැමිණි දිය පහරකට ඔවුන් සියලු දෙනා හසුව තිබිණ.
ප්‍රදේශවාසීන් මැදිහත් වී දිය පහරට හසුව සිටි දියණිය බේරා ගත්තේ ය.
https://www.youtube.com/watch?v=3UEj_mTPIUc