COLOMBO (News 1st) – පැල සිටුවා ගිනස් වාර්තා තැබීමට සැලසුම් සකස් වෙද්දී BBC ලෝක සේවය අද අනාවරණය කළේ, ශ්‍රී ලංකාව තුළ සිදුවන පරිසර හානි කිරීම්වලට එරෙහිව හඬ නැගීම සඳහා යොදා ගන්නා සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවය.
පරිසර විනාශයට එරෙහිව තමන් සමාජ මාධ්‍යවල තබන සටහන් වෛරී ප්‍රකාශ ලෙස හෝ යම් පාර්ශවයකට අඩත්තේට්ටම් හා පීඩා සිදුවන ඒවා බව දක්වමින් Facebook ඇතුළු ආයතනවලට පැමිණිලි කර ගිණුම් අවහිර කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් පවතින බව පරිසරවේදීන් සහ ක්‍රියාකාරීන් පෙන්වා දී ඇති බව BBC වාර්තාවේ සඳහන් ය.
ඔවුන් චෝදනා කර ඇත්තේ , අන්තර්ගතය ගැන නොසලකා එම සටහන්වල අඩංගු ඇතැම් වචන මත පදනම්ව ගිණුම් අවහිර කිරීම සිදුවන බවය.
නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තමන්ට ඇති අයිතිය මේ හේතුවෙන් උල්ලංඝණය වී ඇති බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ .
තමාගේ Facebook ගිණුම ද අවහිර වී ඇති බව පරිසරවේදී නීතීඥ සුපුන් ජයවීර මහතා තබා ඇති සටහනද BBC වාර්තාවේ පල කර තිබුණි.
උපුටා ගැනීම - පරිසරවේදී නීතීඥ සුපුන් ජයවීර -
පරිසරවේදීන් නොවන එහෙත්, ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටලු පිළිබඳව කතා කරන කිහිපදෙනෙකුගේ පෝස්ට් රිපෝට් වෙන්න
අරන් තියෙනවා.සමහර වෙලාවට අපි අවුරුදු දෙක තුනකට කලින් දාපූ පෝස්ට් උඩට අරන්, ඒවා රිපෝට් කරනවා
- උපුටා ගැනීම අවසන් -
පරිසර විනාශය පිළිබදව අදහස් ඉදිරිපත් කළ නීතිඥ අචලා සෙනවිරත්න මහත්මියගේ ෆේස්බුක් ගිණුම මෙන්ම, විකල්ප මත ඉදිරිපත් කළ පූජ්‍ය කාරියමඩිත්තේ ඥාණසාර හිමියන්ගේ ෆේස්බුක් ගිණුම ද අවහිර වී ඇතැයි BBC වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
සමාජ මාධ්‍යය තුළ පළවන කරුණු පරීක්ෂා කිරීමට සහ ඒවායේ නිරවද්‍යතාව සොයා Facebook ආයතනය විසින් යොදා ගනු ලබන්නේ තුන්වැනි පාර්ශවයකි .
එවැනි කණ්ඩායම් තුළ සිටින ආණ්ඩු හිතවාදීන්, හිතා මතාම මෙලෙස තම ගිණුම් අවහිර කර ඇති බවට සැක පවතින බව පරිසරවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් BBC ලෝක සේවයට වැඩිදුරටත් සඳහන් කර තිබේ.