රිය අනතුරු අවම කිරීම ගැන සෙවීමට විශේෂඥ කමිටුවක්

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට විශේෂ උපකරණ ගෙන්වීමට සැලසුම් - සරත් වීරසේකර

by Staff writer 16-04-2021 | 8:37 AM

COLOMBO (News 1st) - රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ, රිය අනතුරු බහුලව සිදුවීමට හේතුව සහ ඒවා අවම කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවයි. මේ අතර හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණ උපකරණ විදේශයන්ගෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, රිය අනතුරු බහුල වීමට එක් හේතුවක් ලෙස මත්පැන් සහ විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම හඳුනා ගෙන ඇති බවය. ස්විස්ටර්ලන්තය, ජපානය සහ ජර්මනියෙන් අත්හදා බැලීම සඳහා එවැනි පරීක්ෂණ උපකරණ කට්ටල කිහිපයක් මේ වනවිට මෙරටට ගෙනවිත් ඇති බව අමාත්‍යවරයා පැවසීය.