පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීම ලබන සඳුදා

පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීම ලබන සඳුදා

by Staff writer 16-04-2021 | 7:25 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ලබන සඳුදා (19) පැවැත්වේ.

පාර්ලිමේන්තු වේත්‍රාධාරි නරේනද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි. මෙහිදී ලබන 20 වැනි දා සිට නියමිත අප්‍රේල් මාසයේ අවසන් පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සහ විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් යෝජනාව ලබන 21 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් , ඊට අදාළ විවාදය ලබන 22 සහ 23 යන දිනවල පැවැත්වීම පිළිබඳවත් මීට පෙර පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින්ගේ සාකච්ජාවට ලක් කෙරිණි. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ලබන සඳුදා පැවැත්වෙන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.