by Staff writer 16-04-2021 | 4:48 PM
COLOMBO (News 1st) : උතුරුමැද , මධ්‍යම සහ ඌව පළාත් වල මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර , මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක වැඩි තද වැසි අපේක්ෂා කරන බවය.
අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.