දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

by Staff writer 16-04-2021 | 11:17 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි. එය අද පස්වරු 6.00 දක්වා බල පැවැත්වෙනු ඇති. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, ගඟවට කෝරලය, යටිනුවර, තුම්පනේ, දොළුව, මැදදුම්බර සහ පහතදුම්බර ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අරනායක ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවය. මාතලේ දිස්ත්‍රික්කයේ අඹන් ගඟ සහ රත්තොට ප්‍රාදේශ සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.