COLOMBO (News 1st) පරමාධිපත්‍යට එරෙහිව යම් අයෙක් බලය අනවශ්‍ය පාවිච්චි කිරීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට මහා සංඝරත්නය පසුබට නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ, අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
උජුපටිපන්න ගුණයෙන් යුත් භික්ෂූන් වහන්සේ සමාජයේ වැඩ වසන තුරු යම් යම් පිරිස්වලට දඩබ්බරකම්වලට හිතුවක්කාර කම්වලට, අණපනත් නීති රීති වෙනස් කිරීමට සූදානම් වන්නේ නම්, රට රකින මහා සංඝතරත්නය පසු නොබසින බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
''අවස්ථාවාදී ප්‍රසස්ථි ගායනා කරන භික්ෂූන් වහන්සේලා පසු බැස්ස ද සිංහ ලීලාවෙන් වැඩ සිටින කුඩාපොළ පරම්පරාවෙන් , වාරියපොළ පරම්පරාවෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ පරම්පරාවෙන් පැවතෙන කිසිම භික්ෂූන් වහන්‌සේ නමක් නිහඬ වෙන්නේ නැහැ. තර්ජන ගර්ජන කරලා අපි නිහඩ කරන්න හදනවා''
මෙහිදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අදහස් පළ කළහ.
''අපි පළාත් සභාවට විරුද්ධයි. කවුරු කෑගැහුවත් කවුරු තර්ජනය කළත් , කවුරුන් ගර්ජනය කළ ද පළාත් සභාවට විරුද්ධ සටන කිසිදු අඩුපාඩුවක් නැතිව දිවයින පුරාම සටන ගෙනියනවා''