කුඹුරක සිටි 04ක් අකුණු සැර වැදීමෙන් මරුට..

කුඹුරක වැඩ කරමින් සිටි 04 දෙනෙකු අකුණු සැර වැදීමෙන් මරුට..

by Staff writer 16-04-2021 | 10:27 AM

COLOMBO (News 1st) - ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ(15) පස්වරුවේ මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඔවුන්ට අකුණු සැර වැදී තිබෙන්නේ කුඹුරක වැඩ කරමින් සිටියදීය. මියගොස් ඇත්තේ, කුමුලමුනේයි සහ කේපාපිලව් ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. මඩකලපුව, කලවංචිකුඩි ප්‍රදේශයේදී ද අකුණු සැර වැදීමෙන් 32 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයාට ද අකුණු සැර වැදී ඇත්තේ කුඹුරක වැඩ කරමින් සිටියදී බවය. මේ අතර මඩකලපුව, වන්දාරුමුලෙයි ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 06 දෙනකු රෝහල්ගත කර තිබේ. ඒ අතරට පිරිමි පුද්ගලයින් සිව්දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළත් ය.