අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට මහජන සහය පතයි..

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි..

by Chathurika Jayasundara 16-04-2021 | 8:13 PM

COLOMBO (News 1st) : මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී.

අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබේ. මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් , ?0112778911 හෝ ?ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාර දුරකතන අංකය වන 1929 ට දැනුම් දෙන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.