අණ නොතැකු කැබ් රථයකට පේදුරුතුඩුවේදී වෙඩි

අණ නොතැකු කැබ් රථයකට පේදුරුතුඩුවේදී වෙඩි

by Staff writer 16-04-2021 | 11:29 AM

COLOMBO (News 1st) - යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස් මාර්ග බාධකයක් අසළින් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවය. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබේ.