by Staff writer 16-04-2021 | 8:41 AM
COLOMBO (News 1st) - මාතර, නිල්වලා ගගේ තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී පිරිමි පුද්ගලයෙකුගේ හිසක් හමු වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිරුරෙන් වෙන් වූ එම හිස සොයා ගත් බවයි.
එය අධික ලෙස නරක් වී ඇතැයි ද පොලීසිය පැවසීය.
මිය ගොස් ඇති පුද්ගලයාගේ අන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.