රු. 5000 දීමනාව ගන්න අදත් අවස්ථාව..

රු. 5000 දීමනාව නොලැබුණු අයට එම මුදල් ගන්න අදත් අවස්ථාව

by Staff writer 15-04-2021 | 7:10 AM

COLOMBO (News 1st) - රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට අද එම දීමනාව ලබා ගත හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 12 සහ 13 දිනවල සමෘද්ධි බැංකු මගින් පවුල් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවකට රුපියල් 5000ක දීමනාව ලබා දී ඇති බවය. පවුල් ලක්ෂ 28කට ආසන්න පිරිසකට මෙම දීමනාව ලබා දීමට රජය සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.