බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි..

බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 15-04-2021 | 7:59 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.