පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දරට උසස්වීමක්..

පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දරට උසස්වීමක්..

by Staff writer 15-04-2021 | 6:26 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක රොෂාන් අබේසුන්දර මහතා පසුගිය (11) වැනිදා නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ , තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින්ය. මෙය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් රොෂාන් අබේසුන්දර මහතාට 2021 04 15 වන දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස්වීමක් ලබා දීම අද ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.