පැය 24 ක්  තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට

by Staff writer 15-04-2021 | 8:10 AM

COLOMBO (News 1st) - ගත වූ පැය 24 ක් තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දිවයින පුරා සිදු කළ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.