ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 15-04-2021 | 7:30 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී ඩබ්ලිව්.එම්.ඒ.එස්.බී. වීරසූරිය මහතා සඳහන් කළේ, මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් අධිවේගී මාර්ග සඳහා බස් රථ 100ක් යොදවා ඇති බවය. සෞඛ්‍ය මාර්ගොපදේශ නිසි පරිදි අනුගමනය කරමින් සිය ගමනාගමන කටයුතුවල නිරත වන්‍නැයි ලංකා ගමනාගමන මණඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරිවරියා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා බස් රථ 4000ක් පමණ සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අද සිට ලබන 19 වැනි දා දක්වා මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මක බවයි. තව ද අද සිට දුර ගමන් සේවා දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, ලබන සඳුදා (19) සිට සාමාන්‍ය පරිදි සියලු දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන බවය.