by Staff writer 15-04-2021 | 3:35 PM
COLOMBO (News 1st) : හල්දුම්මුල්ල , කළුපහන ප්‍රදේශයේ වේලිඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි.
අද පස්වරුවේ වේලීඔය පාලම අසළින් ඔවුන් දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික්ක සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, ඔවුන් සොයා ගැනීමට යුද හමුදාවේ සහය ලබා ගන්නා බවයි.