''එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනට රනිල්'' ..

''එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනට රනිල්, ඒකමතික තීරණයක්'' - වජිර අබේවර්ධන

by Staff writer 15-04-2021 | 8:59 PM

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බවට ඒකමතික තීරණයක් ඇතැයි හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අනාවරණය කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතා
පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඒකමතික තීන්දුවක් අරන් තියෙනවා ඒ අසුන නියෝජනය කරන්නේ එජාප නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා.ඒකේ කිසිම වාද විවාදයක් නෑ. වෙනත් දේශපාලන මත දරණ අය වුණත් කල්පනා කරනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ධූරය දරලා පාර්ලිමේන්තු යා යුතුයි කියලා මේ වෙලාවේ. එකට වෙනත් කවුරුවත් නෙමෙයි මං හිතනවා තව මාසයක් හමාරක් දෙකක් යනකොට නියෝජනය කරයි එතුමා පාර්ලිමේන්තුව.