බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක්

උත්සව සමයේ බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 15-04-2021 | 10:03 AM

COLOMBO (News 1st) - උත්සව සමයේ බන්ධනාගාර වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, බන්ධනාගාර වෙත තහනම් ද්‍රව්‍ය රැගෙන එන පිටස්තර පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මැගසින් බන්ධනාගාරය, කළුතර බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය, බන්ධනාගාර රෝහල ඇතුළු රැඳවුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී රැඳවියන්ට ලබා දීම සඳහා පිටස්තර පුද්ගලයින් විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.