අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා

අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා - ජෝ බයිඩ්න්

by Staff writer 15-04-2021 | 8:13 AM

News 1st - අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. 3500 කට අධික අමෙරිකානු හමුදා ඛණ්ඩ මේ වනවිටත් ඇෆ්ගනිස්ථානයේ සේවයේ නිරත වෙති. ඒ අනුව, ඇෆ්ගනිස්ථානයේ සිටින සියලු අමෙරිකානු හමුදා ඛණ්ඩ මැයි 01 වැනිදා සිට ඉවත් කර ගැනීමට නියමිතය. මේ අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයා හා දුරකතනයෙන් මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එක්සත් ජනපද තීරණයට ගරු කරන අතර සුමට සංක්‍රාන්තියක් සහතික කිරීම සඳහා එක්සත් ජනපදය සමග කටයුතු කරන බවය.