by Staff writer 15-04-2021 | 8:04 AM
COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ, හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඔවුන් 63 සහ 83 හැවිරිදි වියෙහි පසුවිය.
කොවිඩ් ආසාදිතව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 604 කි.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,737 දක්වා ඉහළ ගියේ ය.
සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 92,151 ලෙසය.
කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 2984 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති.