කොළඹ වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කර්තෘ Staff writer

15 Apr, 2021 | 2:03 pm

COLOMBO (News 1st) – ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

ඔහු පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, එම විශේෂ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට තර්ජනයක් වන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.

වරාය නගරය තුළ තිබෙන ඉඩම් පැවරීම, විකිණීමේ හා බදු දීමේ බලය එම පනත් කෙටුම්පත මගින් වෙනත් පාර්ශ්වයකට හිමිකර දීම මෙන්ම වරාය නගරය තුළ සේවය කරන අයගේ වීසා අනුමත කිරීමේ බලය ද වෙනත් පාර්ශ්වයකට හිමි කර දී ඇති බව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

කපිල පෙරේරා මහතා තම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුව සතු රටේ මුදල් පරිපාලනය කිරීමේ බලය වෙනත් පාර්ශ්වයකට ලබා දීම සහ විශේෂ බදු සහන වරප්‍රසාද හිමිකර දීම රටේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]