by Staff writer 14-04-2021 | 10:20 PM
COLOMBO (News 1st) - ලොවම ජයගත් ඉපැරණි ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අපේ රට ලොව අන් කිසිදු රටකට කිසිදු ලෙසකින් හිස නොනමා අපට හිමිව තිබූ ප්‍රමුඛස්ථානය යළි ලබා ගැනීමට එක්ව කටයුතු කරන්නා වූ වසරක් වේවායි 'ගම්මැද්ද' අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
'ගම්මැද්ද' අලුත් අවුරුදු පණිවුඩයේ දැක්වෙන්නේ, අපගේ මාතෘ භූමියේ සහ පීතෘ සාගරයේ අනන්‍යතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ මහඟු වගකීම රට වැසියන් වන අපට පැවරී ඇති බවය.
දශකයකට වැඩි කාලයක් ජනතාව අතරටම ගොස් ජනතාවත් සමග ජනතාවට සේවය කරන ගම්මැද්ද මෙම අලුත් අවුරුද්දේත් නැවුම් අදහස් සහ ප්‍රායෝගික ක්‍රියා හරහා ජනතාවට සේවය කිරීමටෙ ඒකායන බලාපොරොත්තුවෙන් සිටී.
ගම්මැද්ද උදා වූ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරන්නේ සිරිලක සියලුම ජනතාවට සෞභාග්‍යමත් හා ගෞරවාන්විත අනාගතයකි.
එය ළඟා කර දීමට ගම්මැද්ද සැමවිටම කැප වී සිටින බව ද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.