විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම

විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම

by Staff writer 14-04-2021 | 9:12 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ සොබාදහම සමග ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල -හින්දු අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් බවයි.

සශ්‍රීකත්වයේ පාඩම කියා දෙන සුවිශේෂී උත්සවයක් වන අලුත් අවුරුද්ද මෙවර උදාවූයේ පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුළ පවා පුරවැසියන්ව කොටු කරමින් බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් නිහඩවම කියාදී ඇති බවයි.