බදුල්ල - වැලිමඩ මාර්ගය අවහිර වෙයි

පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල - වැලිමඩ මාර්ගය අවහිර වෙයි

by Staff writer 14-04-2021 | 3:44 PM

COLOMBO (News 1st) - පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල - වැලිමඩ මාර්ගය හාලිඇල, අඔවක ප්‍රදේශයෙන් අවහිර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල් උදයකුමාර මහතා රියැදුරටන්ට දැනුම් දෙන්නේ, විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය භාවිත කරන ලෙසයි.