ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු සුබ පැතුම

ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු සුබ පැතුම

by Staff writer 14-04-2021 | 8:13 AM

COLOMBO (News 1st) - උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය , මනා සෞඛ්‍ය සහ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ නැවුම් බලාපොරොත්තු සපල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිලිගැනීම ‍මෙරට සංස්කෘතියේ අගනා සම්ප්‍රදායක් බවයි. රටම එකම නැකතකට චාරිත්‍ර ඉටු කිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍ය උදාවනු ඇතැයි අප සැමගේ සිත් සතන් තුල බලවත් විශ්වාසයක් පැලපදියම් වී ඇති බව ජනාධිපත්වරයා පවසයි.