බදුල්ල–වැලිමඩ මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අවහිරව තිබූ බදුල්ල – වැලිමඩ මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

by Hashini De Mel 14-04-2021 | 5:20 PM

COLOMBO (News 1st) - පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ බදුල්ල - වැලිමඩ මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මේ අතර මාතර, කටුවන - ඌරුබොක්ක මාර්ගයේ ගල් පෙරළීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම මාර්ගය භාවිත කිරීමේදී ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් බව ය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/04/14-04-PRADEEP-KODIPPILI.mp3"][/audio]