අග්‍රාමාත්‍යවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම

අග්‍රාමාත්‍යවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම

by Staff writer 14-04-2021 | 8:35 AM

COLOMBO (News 1st) - එකිනෙකා අතර බැදීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේදී අප සියලු දෙනා අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අලුත් වන සිතුම් පැතුම් සමග අප හමුවේ ඇති අභියෝගයන් ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමේ කාලය එළඹ ඇති බවයි. ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් , සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක රජය නිරතව සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් අවධාරණය කරයි.