අධිවේගයේ පිස්සු නැටූ තරුණයින් කොටු

Update: දක්ෂිණ අධිවේගයේ පිස්සු නැටූ තරුණයින් 04දෙනා අත්අඩංගුවට

by Staff writer 13-04-2021 | 10:25 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස ධාවනය කළ මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 04 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම මෝටර් රථය ධාවනය කළ රියැදුරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.