අධිවේගයේ අසංවරව ගමන් ගත් තරුණයින් 04දෙනා රිමාන්ඩ්

Update: දක්ෂිණ අධිවේගයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 04 දෙනා රිමාන්ඩ්

by Staff writer 13-04-2021 | 3:17 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස ධාවනය කළ මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 04 දෙනා ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ, සැකකරුවන් අද දින පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල් මත වාඩි වී අනාරක්ෂිත ලෙස ගමන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය සඳහන් කළේ ය.