මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 13-04-2021 | 7:23 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීම සඳහා අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, අද සිට සතියක් දීප ව්‍යාප්තව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවය. එහිදි මත්ද්‍රව්‍ය අලෙවිය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් තොරතුරු 1913 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට දිවයින පුරා මත්පැන් අලෙවිසැල් වසා දැමිය යුතුයි. කෙසේ වෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල් බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය බලාත්මක නොවේ.