රස පරීක්ෂක වර්තා 8000ක් අවසන්

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ගොඩ ගැසුණු රස පරීක්ෂක වර්තා 8,000 ක් අවසන් - අධිකරණ අමාත්‍යාංශය

by Staff writer 13-04-2021 | 7:29 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට අදාල රස පරීක්ෂක වර්තා 8,000ක් අවසන් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, මාර්තු 31 වැනිදා වනවිට ගොඩ ගැසී තිබූ රස පරීක්ෂක වර්තා 8,000 ක් එලෙස අවසන් කළ බවය. මාස 09 කාලයක්, එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ ගොඩ ගැසී තිබුණි. ඒ හේතුවෙන්, ප්‍රමාද වූ නඩු කටයුතු රාශියක් අවසන් කිරීමට අවස්ථාව ලැබෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, රස පරීක්ෂක වාර්තා අවසන් කිරීම තුළ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 33,000 සිට 23,000 දක්වා අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. මේ වන විට දිනකට රස පරීක්ෂක වාර්තා 1,500 ක් පමණ නිකුත් කරන බව ද අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.