ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ  තද වැසි

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

by Staff writer 13-04-2021 | 4:29 PM

COLOMBO (News 1st)  - සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකියි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.