අධිවේගයේ වෙට්ටු දැමූ රියැදුරු රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ වෙට්ටු දැමූ රියැදුරු රිමාන්ඩ්

by Staff writer 13-04-2021 | 7:11 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස මෝටර් රථයක් ධාවනය කළ රියැදුරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම මෝටර් රථයේ ගමන් ගත් සෙසු 04 දෙනා සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.