ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-04-2021 | 6:28 AM

දේශීය පුවත්

1. ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි. – දිලුම් අමුණුගම – ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙත ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ පිරිස හිට්ලර් කෙනෙකු වැනි පාලකයෙකු අපේක්ෂා කළ බවත්, දෝෂාරෝපණවලට ආණ්ඩුවට ලක්වීමට සිදුවී ඇත්තේ එසේ හිට්ලර් කෙනෙකු නොවීම නිසාත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 2.දුම්රිය පැමිණිලි සහ තොරතුරු විමසීමට කෙටි දුරකතන අංකයක්.. – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 1971 නමින් කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. 3.අධිවේගයේ වෙට්ටු දැමූ තරුණයින් හඳුනා ගනී… – සමාජ මාධ්‍යයේ සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අන්තරයාකාරී ලෙස ධාවනයේ යෙදෙන අයුරු දැක්වෙන මෝටර් රථය මිලදී ගෙන ඇති පුද්ගලයාගේ පුත්‍රයා අදාළ රථය ද සමග අද ගැලණිගම පිහිටි අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. 4. ශ්‍රී ලංකාව චීනය සමග ඩො. මි. 500 ක ණය ගිවිසුමක – ශ්‍රී ලංකාව, චීනය සමග අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමකට එළඹ තිබේ. 5. රූ රැජිණ තරගයේ අවුල ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් වෙයි ද? – මෙරට පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය පවසයි.

විදෙස් පුවත්

1. ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ පනස් දහස පනී.. – ගෙවී ගිය පැය 24 තුළ අතිවිශාල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග ඉන්දියාව ලොව කොරෝනා ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබේ.