බන්ධනාගාරයට සූක්ෂමව හෙරොයින් ගෙන ගිය කාන්තාව කොටු

කලිසමක් අස්සේ මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ගෙනාපු කාන්තාවකට වැඩ වරදී..

by Staff writer 13-04-2021 | 5:16 PM

COLOMBO (News 1st) - කොළඹ මැගසින් බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යෑමට තැත්කළ කාන්තාවක් අද(13) බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 32ක් සොයාගත් බවයි. අදාළ කාන්තාව බන්ධනාගාරයට ගෙන ගිය කලිසමක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා එම සැකකාරිය බොරැල්ල පොලීසිය වෙත භාරදෙයි.