ශ්‍රී ලංකාව චීනය සමග ඩො.මි. 500 ක ණය ගිවිසුමක

ශ්‍රී ලංකාව චීනය සමග ඩො. මි. 500 ක ණය ගිවිසුමකට එැළඹෙයි

by Staff writer 12-04-2021 | 3:33 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව, චීනය සමග අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමකට අද එළඹියේ ය.

නිවේදනයක් නිකුත් කරමින් බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, චීන සංවර්ධන බැංකුව සමග එළැඹි ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අත්සන් තැබූ බවයි. මෙම ගිවිසුම මගින් රටට ගලා එන විදේශ විනිමය, කොරෝනා හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කිරිමෙහි ලා රජය දරන වෑයමට මනා පිටිවහලක් වනු ඇති බව, බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. චීනයේ මෙම මූල්‍ය සහය, ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය සවිමත් කිරීමටත්, රුපියල යළි පණ ගැන්වීමටත් හේතු වනු ඇතැයි බීජිං හී ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කළේ ය.