බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කිරීම අරඹයි

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කිරීම අරඹයි

by Staff writer 12-04-2021 | 10:18 AM

COLOMBO (News 1st) : බොර පොල්තෙල් මෙට්ට්‍රික් ටොන් 105 අඩංගු කන්ටේනර් ප්‍රතිඅපනයනයට නැව්ගත කිරීම ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, කටාන රිෆයිනරි සමාගම මෙරටට ගෙන්වූ කන්ටේනර් 06 ක් එලෙස ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බවයි.