බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

by Sagarika Chathumali 12-04-2021 | 4:53 PM

COLOMBO (News 1st) : ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය.

ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් අතර මෙරටදී ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ලබන 17 වැනිදා කටුනායකදී දෙදින පුහුණු ක්‍රිකට් තරගයක් ද පැවැත්වෙනු ඇති. ටෙස්ට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 21 වැනිදා ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.